Thursday, November 10, 2011

උබේ කටත් පස් මගේ කටෙත් පස් ..


                                             මටත් උනේ අන්තිමට පස් කන්න .. මදැයි .  මාත් Googl පස් එන දවස වල ඉදන් බලාගෙන හිටියේ මටත් කියල පස් එකක් හදා ගන්න .. එහෙම හිතාගෙන ගියා කියමුකෝ එකක් හදා ගන්න .. ඈ .. මේ මොකෑ මේ .. මෙන්න එනවා දෙය්යන්ගෙන් පණිවිඩයක් මට පස් දෙන්න බැරිලු වයස මදිලු .. ඉහි  ඉහි .. අනේ ඉතින් මට මයි වෙන්නේ .. කොහේදෝ දාපු උපන් දිනෙකින් මේකට වයස හැදිලා ඇවිල්ල .. අපිටත් ඉතින් ඔහොම බාල්දිමනේ පෙරලෙන්නේ .. මොනවා කොරන්නද ඉතින් දැන් ..  ආපහු undo කරලා කලින් ඉපදෙන්න කියලයේ .. කොහොමත් ඉතින් තව ටික දවසයිනේ එතකොට අපිත් රටේ මැතිවරණ බලය හිමි වැදගත් පුරවසියෝනේ එතකොට පස් නෙමේ පස් ලොරි පිටින්ම ගන්න බැරියේ  කියල ඉතින් මාත් ඔන්න ඔහේ හිටිය ඉතින් ..

                                        එක නෙමෙනේ  සිද්දිය ඉතින් .. ඔහොම ඉන්නකොට එකමත් එක දවසක ... ඒකමත එක කිව්වට ඉතින් අද උදේ වගේ තමා .. මාත් ගිය නිදිමතේම උදේ පාන්දර inbox එක බලන්න කියල මෙන්න බොලේ වැඩක් ... කෝකටත් කියල බැලුව තාම හීනෙන්ද කියල .. නෑ නෑ ඇත්තටම තමා මෙන්න තියනවා මට විද්‍යුත් ලිපියක්  Googlදෙය්යන්ගෙන්
මාත් ඇස්දෙක පිහ පිහ බැලුව මොකක්ද මේ කියල ...
You asked us to let you know when you could sign up. Now that Google+ is in open beta, anyone 18 or older can join. So give it a try and tell us what you think.
Join Google+

මටත් දැන් පස් තියනවලු .. නිදිමත කොහෙන් ගියාද නෑ .. උදේ පාන්දර මාර හැපී .. නමෝ විත්තියෙන් කියල ක්ලික් කරා Join Google + බට්ටෝන් එක ..  මල කෙළිය යි .. මෙන්න ආව අර  පරණ සොදුරු මැසෙග් එක ..
  This feature is not available for your account
You must be over a certain age to use this feature. Learn more.
අනේ ඉතින් කාටත් වරදිනවනේ කියල මාත් page එක reload කරා .. මෙන්න අරක ආයෙත් .. හා කමක් නෑ කියල හොද හුස්මක් එහෙම අරන් අපහු කරා .. ආය ආව ... ආය කරා ආය ආව ... දැන් නන් ඉතින් උදේ පාන්දර ටිකක විතර ෆ්ලවර් ජම්ප් වෙනවා .. කමක් නෑ උදේ පාන්දර ලේ පුච්චගන්න ඕනේ නැනේ කියල ගිහින් කුකීස් අයින් කරලා බැලුව කොහෙද .. එත් නෑ ... දැන් නන් ඉදින් උදේ පාන්දර හොදට මතක වෙලා හිටියේ  Googlඑකේ එකේ අතුගාන එකාගේ අම්මට යනකන් කට්ටියව ..
චාටර්  කරනවා කියල මෙහෙමත් කරනවද මම අහන්නේ ... දෙන්නේ නැත්තන් කියන නැතුව ඉන්න ඕනේ .. එන්න කියල කියල එවල ගියාම දෙන්න බැරිලු .. 


මේ මොන මගුලක්ද දෙන්න බැරිනං තියා ගන්න කියන්න ...
අපි මොකටද කොහෙවත් තියන පස් කටේ ඔබා ගන්නේ ..

2 comments:

  1. අද මටත් ඕක මේල් එකෙන් ඇවිත් තිබුනා.. ඒත් තාම ඒ පැත්තේ ගියේ නෑ බලන්න.. එහෙනම් මටත් එහෙමද දන්නේන් නෑ..

    ආ.. මේ මං මේ පැත්තේ ආපු පලවෙනි පාර.. දිගටම ලියන්න ජය..

    ReplyDelete
  2. @Dinesh

    සුවර් නෑ.. ගිහින්ම තමා බලන්න වෙන්නේ ..
    තැන්ක යූ .. කොමෙන්ට් කරාට ...

    ReplyDelete