Wednesday, November 9, 2011

දුක හිතෙනවනේ ..

මාත් ඉතින් ඉදල ඉදල .. ගෙදරට වැදලා වැදලා  ගත්ත ජංගම දුරකතනයක් .. ලගදි නෙමේ .. අවුරුද්දකට දෙකකට  විතර කලින් තමා ගත්තේ .. ඊට කලින් පාවිච්චි කරලා නන් තියනවා ගඩොල් බාග වගේ ගලේ ගැහුවත් කැඩෙන නැති ඒවා .. ටිකක් හරි හොද එකකට කියල ගත්තේ මේක තමා .. අපි තාම ඉතින් අනුන් මත යැපෙන අයනේ .. ඉතින් තනියම ගිහින් කොහේ ගන්නද .. ගන්නන් බැරියේ ප්‍රතිපාදනනේ නැත්තේ ..
                                                                 ඔන්න ඉතින් කොහොමහරි ගිය කියමුකෝ නොකියා තමා ගත්තේ .. නෑ නෑ .. කියල ගිහින් Nokia එකක් ගත්තේ .. brand new එකක් ගන්න එකේ show room  එකෙන්ම ගන්න එපායේ කියල ඒකටම තම ගියේ .. අනික ගෙදරින් බර බරස්නේ වෙන තැනකින් අඩුවට අරන් කෙල උනොත් එකත් මගේ පිටින් නේ .. ගාන ටිකක් වැඩි උනත් මම බෙරිලානේ  .. ගියාට පස්සේ තමා පට්ට සීන් එක අනේ එතන හිටපු අය්යා කියල වැඩක් නෑ .. අර එක පෙන්නනවා අය වෙන එකක් පෙන්නනවා අරකේ 3G තියනවලු මේකේ අරවා තියනවලු ... මම ඉතින් ගෙදරිනුත් එක්කන්නේ ඕක ගන්න ගියේ .. අනේ අර අය්යා හින්දම මම ගන්න ගිය එකට වැඩ හොද එකක් ගත්තාය කියමුකෝ .. ඔන්න තියෙන්නේ භාණ්ඩේ .. ඔන්න ඉතින් ඕක දැකල කට්ටිය බඩවල් අල්ලන හිනා වෙනවා එහෙම නෙමෙ අපි ඕව මොන්ටිසෝරි යන කාලේ පාවිච්චි කරේ කියල ..



ගත්තේ නන් 26,000 ටද අනික ඉතින් ඔය C සීරිස්‌ එක ඒ දවස වල අලුතෙන්ම ආපු එකක් ,, මමත් ඉතින් හලී සතුටෙන් ගෙදර අවය කියමුකෝ ඇවිල්ලත් ඉතින් ඔහොම හිටිය කියමුකෝ .. අනේ ඉතින් අව්රුද්දක්වත් ගියේ නෑ ඔන් එනවා C6 C7 ලු  N8 ලු C5-03 ලු E7   L..u.mi..a ලූ...  ඉක්ක්‌ ඉහි ඉහි .. මට ඉතින්  හලී  සතුටුයි .. මොකද ඔක්කොම වගේ ටච් ඒවානේ මගේ එකේ නැනේ .. ඉහි ඉහි ,, , අනේ ඉතින් සතුට වැඩිවෙලා අනිත් පැත්ත බැලුවම මෙන්න Android  ලු Galaxy Nexus ලු Galaxy y , w ලු  x z  ලු    Ice Cream Sandwich හික්  Mango ලු තව මොන මොනවද දැන් නෑ ,, ඒවගේ Amoled ලු Amoled +  ලු 512 ram ලු .අනේ සන්තෝසේ බෑ ..



එක දවසක් මගේ සන්තෝසේ වැඩි කරන තවත් දෙයක් දැක්කනේ .. අනේ අර මම ගත්තු එක දැන් show room එකෙත් 21,000 ලු .. ඉහි ඉහි ...
අනේ මුන්ට තේරෙන නැති හැටි .. මෙහෙම කරපුවාම අනේ ..අපිට

දුක හිතෙනවා කියලා ... .

2 comments:

  1. මම ෆෝන් එකක් ගන්නැත්තේ ඔන්න ඕකයි... ඔහොම ගිහින් ගිහින් ෆෝන් කියලා ජාතියක් පාවිච්චි වෙන්නැතුව අළුතෙන් ෆෝන් හදන එක නවත්තන දවසක් එයිනේ... ඔන්න එදාට මං ගන්නවා තියෙන හොඳම ෆෝන් එක !!! හික්ස් !!!

    ReplyDelete
  2. @Chathuranga Perera

    හික්ස් .. එහෙමවත් තමා කරන්න වෙන්නේ .. එත ඉතින් එහෙමත් කොහොමද මොකක්වත් නැති වෙනවනේ අන්තිමට ..

    ReplyDelete