Monday, November 21, 2011

කෑව කෑව .. වැඩේ කෑව


                                                                     කෑව කෑව .. වැඩේ කෑව ... කෑවා නෙමේ ඉල්ලන් නාගෙන කෑවා ...  මදැ match එකක් බැලුව .. ඇහැරන් හිටියටත් පාඩුයි ..  ඒ වෙලාවේ දමල ගහල බුදිය ගත්තනං ඊට  වැඩිය හොදයි ..  මදැ ඊට කලින් එකත පැරදුන හින්ද මේකවත් දිනයි කියල බලන හිටිය .. මුන්ට මොන මගුලක් වෙලාද දන්නේ නෑ ... මේ දවස වල දිනන එකක් බලනන්ත් පින් කරලා තියෙන්න ඕනෙද කොහෙද ...  ඊයේ එක නන් මුලින් ගහපු විදිහට නිකන්ම ගහයි කියල හිතුවේ ..
                                    150 විකට් 3 තිබ්බේ .. එහෙ බලල මෙහෙ බැලුව විතරයි ... මෙන්න 174 All out ... මොකක් .. ඉහි ඉහි .. . දුක තමා .. .
මොකද අප්පා මෙහෙම වෙන්නේ ... මොකක් උනත් ඉතින් ඊලග match එකත් මම බලනවා .. ඊලග එකවත් දිනන්න හම්බවේවා .. කියල කියන්න තමා තියෙන්නේ ,, නැතුව ඉතින් අපිට ගොහින් ගහන්න කියලයේ.... 



Friday, November 18, 2011

කෙලවී ඇත ...

අය්යෝ මේ දවස වල නන් මෙලෝ රහක් නෑ ... සෙනසුරු මාරුව හින්ද මට කෙලවෙලාද .. කොහෙද ..
ඉස්කෝලේ ගියත් හරි ..
    ඕන එහෙන පටන් ගන්නවා .. තොපි .. .?23@$#$#$%#$^$%^%&%^&&&@!#!
එහෙං ඉල්ලනවා මෙහෙන් ඉල්ලනවා .. එහෙං ලකුණු නැත්තන් එලවනවලු .. .හිකිස්‌ ... .
   එහෙං කෙල වෙලා ..
ගෙදර ආවමත් හරි ... #$@%^%^@$#$!#$#%$$##%^ $%^#$%  ... .,.,, හික් .. .හරී සනීපයි ... ආය ඉතින් ඕනේ නෑ, ,,,, ,,... .
  වෙන මොකේට ගියත් .. .&$%*$*&(%^*& ම තමා ...
ඒ අස්සේ මල මගුලයි .. machine එකටත් කෙලවෙලා .. ඒක නිකන් ... වී මෝලක් ස්ටාර්ට් කරා වගේ .. බ්‍ර්ම්ම්ම්ම් .. බ්‍ර්ම්ම් බ්‍ර්ම්ම්ම් .. .සද්දයක් එනවා නිකන් .. ඕනේ නෑ ඉතින් .. මල පැනපු පාර ගැහුවා අල්ලලා පොලවේ .. හොද වෙලාවට පරණ බඩු නේ .. ගලේ ගැහුවත් කැඩෙන් නෑ.. ..
ඒ අස්සේ මොන ලිවිල්ලක්ද ....



මේ මොන මගුලක්ද .. මටමනේ කෙල වෙන්නේ ... ... 

Thursday, November 10, 2011

උබේ කටත් පස් මගේ කටෙත් පස් ..


                                             මටත් උනේ අන්තිමට පස් කන්න .. මදැයි .  මාත් Googl පස් එන දවස වල ඉදන් බලාගෙන හිටියේ මටත් කියල පස් එකක් හදා ගන්න .. එහෙම හිතාගෙන ගියා කියමුකෝ එකක් හදා ගන්න .. ඈ .. මේ මොකෑ මේ .. මෙන්න එනවා දෙය්යන්ගෙන් පණිවිඩයක් මට පස් දෙන්න බැරිලු වයස මදිලු .. ඉහි  ඉහි .. අනේ ඉතින් මට මයි වෙන්නේ .. කොහේදෝ දාපු උපන් දිනෙකින් මේකට වයස හැදිලා ඇවිල්ල .. අපිටත් ඉතින් ඔහොම බාල්දිමනේ පෙරලෙන්නේ .. මොනවා කොරන්නද ඉතින් දැන් ..  ආපහු undo කරලා කලින් ඉපදෙන්න කියලයේ .. කොහොමත් ඉතින් තව ටික දවසයිනේ එතකොට අපිත් රටේ මැතිවරණ බලය හිමි වැදගත් පුරවසියෝනේ එතකොට පස් නෙමේ පස් ලොරි පිටින්ම ගන්න බැරියේ  කියල ඉතින් මාත් ඔන්න ඔහේ හිටිය ඉතින් ..

                                        එක නෙමෙනේ  සිද්දිය ඉතින් .. ඔහොම ඉන්නකොට එකමත් එක දවසක ... ඒකමත එක කිව්වට ඉතින් අද උදේ වගේ තමා .. මාත් ගිය නිදිමතේම උදේ පාන්දර inbox එක බලන්න කියල මෙන්න බොලේ වැඩක් ... කෝකටත් කියල බැලුව තාම හීනෙන්ද කියල .. නෑ නෑ ඇත්තටම තමා මෙන්න තියනවා මට විද්‍යුත් ලිපියක්  Googlදෙය්යන්ගෙන්
මාත් ඇස්දෙක පිහ පිහ බැලුව මොකක්ද මේ කියල ...
You asked us to let you know when you could sign up. Now that Google+ is in open beta, anyone 18 or older can join. So give it a try and tell us what you think.
Join Google+

මටත් දැන් පස් තියනවලු .. නිදිමත කොහෙන් ගියාද නෑ .. උදේ පාන්දර මාර හැපී .. නමෝ විත්තියෙන් කියල ක්ලික් කරා Join Google + බට්ටෝන් එක ..  මල කෙළිය යි .. මෙන්න ආව අර  පරණ සොදුරු මැසෙග් එක ..
  This feature is not available for your account
You must be over a certain age to use this feature. Learn more.
අනේ ඉතින් කාටත් වරදිනවනේ කියල මාත් page එක reload කරා .. මෙන්න අරක ආයෙත් .. හා කමක් නෑ කියල හොද හුස්මක් එහෙම අරන් අපහු කරා .. ආය ආව ... ආය කරා ආය ආව ... දැන් නන් ඉතින් උදේ පාන්දර ටිකක විතර ෆ්ලවර් ජම්ප් වෙනවා .. කමක් නෑ උදේ පාන්දර ලේ පුච්චගන්න ඕනේ නැනේ කියල ගිහින් කුකීස් අයින් කරලා බැලුව කොහෙද .. එත් නෑ ... දැන් නන් ඉදින් උදේ පාන්දර හොදට මතක වෙලා හිටියේ  Googlඑකේ එකේ අතුගාන එකාගේ අම්මට යනකන් කට්ටියව ..
චාටර්  කරනවා කියල මෙහෙමත් කරනවද මම අහන්නේ ... දෙන්නේ නැත්තන් කියන නැතුව ඉන්න ඕනේ .. එන්න කියල කියල එවල ගියාම දෙන්න බැරිලු .. 


මේ මොන මගුලක්ද දෙන්න බැරිනං තියා ගන්න කියන්න ...
අපි මොකටද කොහෙවත් තියන පස් කටේ ඔබා ගන්නේ ..

Wednesday, November 9, 2011

දුක හිතෙනවනේ ..

මාත් ඉතින් ඉදල ඉදල .. ගෙදරට වැදලා වැදලා  ගත්ත ජංගම දුරකතනයක් .. ලගදි නෙමේ .. අවුරුද්දකට දෙකකට  විතර කලින් තමා ගත්තේ .. ඊට කලින් පාවිච්චි කරලා නන් තියනවා ගඩොල් බාග වගේ ගලේ ගැහුවත් කැඩෙන නැති ඒවා .. ටිකක් හරි හොද එකකට කියල ගත්තේ මේක තමා .. අපි තාම ඉතින් අනුන් මත යැපෙන අයනේ .. ඉතින් තනියම ගිහින් කොහේ ගන්නද .. ගන්නන් බැරියේ ප්‍රතිපාදනනේ නැත්තේ ..
                                                                 ඔන්න ඉතින් කොහොමහරි ගිය කියමුකෝ නොකියා තමා ගත්තේ .. නෑ නෑ .. කියල ගිහින් Nokia එකක් ගත්තේ .. brand new එකක් ගන්න එකේ show room  එකෙන්ම ගන්න එපායේ කියල ඒකටම තම ගියේ .. අනික ගෙදරින් බර බරස්නේ වෙන තැනකින් අඩුවට අරන් කෙල උනොත් එකත් මගේ පිටින් නේ .. ගාන ටිකක් වැඩි උනත් මම බෙරිලානේ  .. ගියාට පස්සේ තමා පට්ට සීන් එක අනේ එතන හිටපු අය්යා කියල වැඩක් නෑ .. අර එක පෙන්නනවා අය වෙන එකක් පෙන්නනවා අරකේ 3G තියනවලු මේකේ අරවා තියනවලු ... මම ඉතින් ගෙදරිනුත් එක්කන්නේ ඕක ගන්න ගියේ .. අනේ අර අය්යා හින්දම මම ගන්න ගිය එකට වැඩ හොද එකක් ගත්තාය කියමුකෝ .. ඔන්න තියෙන්නේ භාණ්ඩේ .. ඔන්න ඉතින් ඕක දැකල කට්ටිය බඩවල් අල්ලන හිනා වෙනවා එහෙම නෙමෙ අපි ඕව මොන්ටිසෝරි යන කාලේ පාවිච්චි කරේ කියල ..



ගත්තේ නන් 26,000 ටද අනික ඉතින් ඔය C සීරිස්‌ එක ඒ දවස වල අලුතෙන්ම ආපු එකක් ,, මමත් ඉතින් හලී සතුටෙන් ගෙදර අවය කියමුකෝ ඇවිල්ලත් ඉතින් ඔහොම හිටිය කියමුකෝ .. අනේ ඉතින් අව්රුද්දක්වත් ගියේ නෑ ඔන් එනවා C6 C7 ලු  N8 ලු C5-03 ලු E7   L..u.mi..a ලූ...  ඉක්ක්‌ ඉහි ඉහි .. මට ඉතින්  හලී  සතුටුයි .. මොකද ඔක්කොම වගේ ටච් ඒවානේ මගේ එකේ නැනේ .. ඉහි ඉහි ,, , අනේ ඉතින් සතුට වැඩිවෙලා අනිත් පැත්ත බැලුවම මෙන්න Android  ලු Galaxy Nexus ලු Galaxy y , w ලු  x z  ලු    Ice Cream Sandwich හික්  Mango ලු තව මොන මොනවද දැන් නෑ ,, ඒවගේ Amoled ලු Amoled +  ලු 512 ram ලු .අනේ සන්තෝසේ බෑ ..



එක දවසක් මගේ සන්තෝසේ වැඩි කරන තවත් දෙයක් දැක්කනේ .. අනේ අර මම ගත්තු එක දැන් show room එකෙත් 21,000 ලු .. ඉහි ඉහි ...
අනේ මුන්ට තේරෙන නැති හැටි .. මෙහෙම කරපුවාම අනේ ..අපිට

දුක හිතෙනවා කියලා ... .

Sunday, November 6, 2011

මොලෙන් ගේම දීල බලමුද ??

log  එකක් ලියන්න ආසාවට පටන් ගත්තට ලියන්න දෙයක් නෑ කියල හිතුනේ පස්සේ තමා .. එක හින්ද ලියන එකට හෙන ගැහුවාවේ කියාල කියව කියවම හිටියේ .. ලේසි වැඩක් කියල හිතුවට මේකත් මහා අමාරු වැඩක කියල දැන් තම තේරෙන්නේ .. සමහර කස්ටිය නන් දවසට post දෙක තුන දානවා කොහොම ලියනවද මන් දැන් නෑ .. :) 

                   මොන වැඩේද ලේසි නේද .. කමක් නෑ .. පටන් ගත්ත එකේ මොනව හරි ලියන්නත් ඕනෙනේ ..
මේක නන් එකක් ගැන .. සමහර විට ගොඩක් අය මේක ගැන දන්නවා ඇති .. play කරේ නැති උනත් වැරදිලා හරි මේ එකට ගිහින් ඇති ..  මොකද කියනවනං .. net එකේ ඉන්නවනං මේකේ add එකක් දැකල නැති වෙන්න බෑ .. අපේ කස්ටියත් ඉතින් ඔය වගේ එකක් දැක්කම ඉතින් click කරන්නේ එහෙම නැනේ .. ඒ හින්ද අනිවා මේකට ගිහින් තියෙන්න ඕනේ ..

              ඔච්චර කියෙව්වට ඉතින් ඒ හැටි වැදගත් එකකුත් නෙමේ .. ඒ උනාට ගහන්න වැඩි වෙලාවක් යවන්නේ නැති .. ඔය මරාගන්න වලට කැමති නැති අයට එහෙම ගහන්න පුළුවන් .. මොලෙන් තම ඉතින් කරලා ගේම දෙන්න ඕනේ ..  ඒ කියන්නේ strategy කියන ගනෙට තමා මේක අයත් වෙන්නේ .,. හත් ඉලව්වයි ,,ඔච්චර වෙලා කියවල තියෙන්නේ මේක මොකක්ද කියල කියන්නේ නැතුවනේ .. game එකේ නම තමා ,,
Travian 

මම නන් අවරුදු ගණක ඉදල ගහනවා ... කැමති අයට ඕන් ඉතින් පුළුවන් ගිහින් කොරල බලන්න .. ඕනේ වෙන්නේ    
                   1.Internet access 
                   2.web browser     සහ  හොද මොලයක් තමා ,,


ඕනේ අයට මේ එකට ගිහින් වෙන්න පුළුවන් .. http://www.travian.com/  මේක ගහන අය සමහර විට ගොඩක් ඇති එහෙම ඉන්නවනං මටත් කියන්නකෝ එහෙනං .. 

එකක් එහෙමත් දාල යන්නකෝ .. එහෙනං .. ඉස්සරහට වත් ඔය හිතෙන දෙයක් වත් ලියන්න තම ඉන්නේ .. බලමුකෝ .. මම ගියා එහෙනං ... 

Sunday, July 24, 2011

    ඔන්න මමත් ආවා ...



 මටත් Blog එකක් ලියන්න හිතුනනේ ඔන්න... 
හෑ.. ඒ මොකද? කියලා අහන්න එපා ..දැන් ඉතින් .. මොකද? අපිට ලියන්න Blog බැරිද?.. මටත් ඉතින් ඔය කියව කියව ඉන්නකොට ලියන්න ඔනෙ කියල හිතුන .. ..දැන් ඉතින් .. මොකද? අපිට ලියන්න බැරිද?.. මටත් ඉතින් ඔය කියව කියව ඉන්නකොට ලියන්න ඔනෙ කියල හිතුන .. හප්පා ඉතින් ලියනව කියල ආවට ලියන්න දෙයකුත් නැද්ද මන්ද.. එකනන් මොනව හරි කරන්න පුලුවන් කියමුකො .. ඒ උනාට ලියන්න වෙලාවකුත් නැ වගෙනෙ ..
                   එහෙනන් මොන මගුලකට ලියන්න . පටන් ගත්තද නේද? ..
ඒක ඉතින් මම මොනවහරි කරන්නන්කො ... ලියනවා කිව්වට මේ ටික type කරන්නත් හෙන ගේමක් දෙන්න, ඔනෙනෙ...
              එක නෙමේ දැන් ලිව්ව වගෙ නෙමෙනෙ කියවන්නත් කවුරුත් හරි ඉන්න ඔනෙනෙ.. එ හින්ද comment එකක් දාල යන්න අමතක කරන්න එපා .. මොකද ඉතින් කියවන්න කව්රුත් නැත්තන් වැඩක් නැනෙ.. 
එහෙනන් ඉතින් .. අදට ඇති... දිගටම ලියන්න තමා ඉන්නෙ...



ප:ලි .. 
Blog එකේ name එක ගැන ,, මම මෙ හිතිච්චි එකක් දැම්මෙ ... කව්ර්හරි මේක දාල තියනවනන් කියන්න..

------

මෙ මම html ගැන එච්චර දන්නෙ නෑ .. මෙකෙ පොස්ට් එකෙ date එක වැටෙන්න ඔනෙ තැන undefined කියලනෙ වැටෙන්නෙ ඒක හදගන්න විදිහක් කියන්නකො ..